තායිලන්තයට ගිනිඅවි සම්බන්ධ දැඩි නීති හඳුන්වාදීමට සැරසෙයි

ගිනිඅවි සම්බන්ධ දැඩි නීති හඳුන්වා දෙන බවට තායි අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දී තිබෙනවා.

බැංකොක් නගරයට ආසන්නයේ පාසල් සිසුවෙක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලැබීමෙන් පසුව, තායිලන්ත අගමැති නව තුවක්කු පාලන නීති හඳුන්වාදීමට පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

14 හැවිරිදි සිසුවෙක් නොන්තබුරි හි ඩෙබ්සිරින් පාසලට යාමට පෙර නිවසේදී තම සීයා සහ ආච්චි මරා දමා ඇති අතර, පාසල තුළ දී ඔහු ගුරුවරුන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඔහු ද ඊයේ (07) සියදිවි නසා ගෙන තිබුනා.

පසුව, තායි මාධ්‍ය වාර්තා කළේ වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි සිසුවෙකු ද මිය ගොස් ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ පොදු ස්ථානවලට ගිනිඅවි රැගෙන යාම තහනම් කිරීමටත්, රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් ආයුධ භාවිත කිරීමට හැකි වන ලෙස එම නීති සංශෝධනය කිරීමටත් නියමිත බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52