විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවුණා.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සඳහා මෙම හමුව පවත්වා තිබෙනවා.
එම ගැටලු හඳුනා ගෙන ඒවට අවශ්‍ය විසඳුම් ලබා දීමට විපක්ෂයක් ලෙස මැදිහත් වීමත්, මෙම ගැටලු කෙරෙහි රජයේ අවධනය යොමු කරවීමත්, විපක්ෂ නායකවරයා ලෙස තමා සෘජු මැදිහත් වීම සිදු කරන බව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ පවසා සිටියා.













