පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීවගේ’ ගෝලයෙක් STF අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ, ඉඔල්ගොඩ ප්‍රදේශයේ පෙරේදා (26) සිදුකළ වැටලීමක දීයි මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

පසුගිය අගෝස්තු මස 08 වනදා මිනුවන්ගොඩ, මාකේවිට ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 16.2ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?