පාතාලේ ගේම්වලට යතුරුපැදී සැපයූ “බෝම්බුවල සුද්දා” අත්අඩංගුවට

පාතාල ක්‍රියාකාරකම් සඳහා යතුරුපැදි සැපයූ බවට සැකපිට පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “බෝම්බුවල සුද්දා” නමින් හැඳින්වෙන 30 හැවිරිදි අයෙක්.

කළුතර දකුණ පොලිස් වසමේ, නාගොඩ මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැලක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් පසුගිය දා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම යතුරුපැදිය බෝම්බුවල ප්‍රදේශයේ දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම යතුරුපැදිය සොරකම් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී, යතුරුපැදිය සොරකම් කළ ස්ථානයේ සිට CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී එම දර්ශනවලට අනුව යතුරුපැදිය සොරාගෙන ගිය පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

එම පුද්ගලයා බෝම්බුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව, කළුතර අපරාධ කොට්ඨාසය විසින් අදාළ යතුරුපැදිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යතුරුපැදිය පරීක්ෂා කිරීමේ දී, යතුරුපැදියේ අංක තහඩුවල ලියාපදිංචි අංකය වෙනස්වන ආකාරයට ස්ටිකර් අලවා ඇති ආකාරය දක්නට ලැබී තිබෙනවා.

මෙම පුද්ගලයා ඉංගිරිය, රත්නපුර, කිරිඇල්ල යන පොලිස් වසම්වල මීට පෙර යතුරුපැදි සොරකම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් ලබා ඇති පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
.
සොරකම් කරන ලද යතුරුපැදිය මත්කුඩු ජාවාරම් සහ වෙනත් සාපරාදී ක්‍රියාවන්වත් සඳහා ලබාදීමට සූදානම්ව සිටි බවට සැක කරන බව පොලිසිය පවසනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39