ව්‍යවස්ථා සංශෝධනට මේ මොහොතම තෝරා ගන්නේ ඇයි ? – නාමල් බන්ධනාගාරයේ සිට ප්‍රශ්න කරයි

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නිල Facebook ගිණුමේ අද (25) දිනයේ සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් විශේෂ සටහනක් එක්කර තිබෙනවා.

මෙම සටහන නාමල් රාජපක්ෂගේ ගිණුමේ පරිපාලකවරයා (Admin) විසින් එක්කර ඇති අතර, එම සටහනේ නාමල් රාජපක්ෂ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

”22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළින් අද තීරණයක් ලැබී ඇත.

ජනමත විචාරණයක් ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට මම ගරු කරමි.

නමුත් තවමත් මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මේ මොහොතම තෝරා ගන්නේ ඇයි?. එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ මොනවාද? යන ගැටළු මතු විය යුතු බව විශ්වාස කරමි
.
මෙලෙස සිදු කෙරෙන සංශෝධන සහ විධිවිධාන කිසිදු පුද්ගලයෙක් මූලික කරගෙන හෝ පුද්ගල අවශ්‍යතා මත පදනම්ව හෝ වත්මන් අවශ්‍යතාවයන් මත හෝ සිදු වන්නක් නොව, අදාළ ආයතන වල යහපත සහ ස්වාධීනත්වය සුරැකීම සඳහා යොදා ගත යුතු බැවින් ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව අවධාරණය කරමි.

සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාවන් වන ස්වාධීන අධිකරණයක්, ක්‍රියා පටිපාටියකට අනුකූල වූ නීතිමය රාමුවක් සහ දේශපාලන බලපෑම්වලින් තොර යුක්තියක් යන සාධක කිහිපය ඉල්ලා සිටිමි.

ආණ්ඩුව, දේශපාලනඥයන් ගතිකත්වයෙන් යුතුව වෙනස් වන සුළු බැවින් ද, බලයද අතින් අත මාරු වන්නේය. එහෙත් අද බලය දරන පුද්ගලයාගෙන් හෝ අනාගතයේ බලය දරන ඕනෑම අයෙකුගෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බව විශ්වාස කරමි. ඒ, අධිකරණයේ ස්වාධීනත්වය අන් කවරෙකුටත් වඩා විශාල මූලධර්මයක් වන බැවිනි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50