පාකිස්ථානයට එරෙහිව ලැබූ ජය ඉන්දීය නායකයා සන්නද්ධ හමුදාවන්ට පුදකරයි

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සමඟ පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (14) රාත්‍රියේ හැකියාව ලැබුණා.

පාකිස්ථානය පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම ජයගත්තේ කඩුලු හතකින්.

පස මිතුරන් අතර පැවති මෙම තරගයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින්ගේ හැසිරීම පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.

මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ දී, තරගයක් අවසන්වීමෙන් පසු දෙපිලේම ක්‍රීඩකයින් අතට අත දී සුබපතා ගන්නවා.

කෙසේ වෙතත් ඊයේ තරගයෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් විසින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිටිය මැදදී සුපුරුදු පරිදි අතට අතදීමකින් තොරව ක්‍රීඩාගාර වෙත පිටව ගිය අතර, එම අවස්ථාවේ දී ඉන්දීය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ද ඔවුන්ගේ ක්‍රීඩක විවේකාගාරය වෙත ගොස් එහි දොර වසාගැනීමටයි කටයුතු කර තිබුණේ.

ඉන්දීය කණ්ඩායමේ මෙම හැසිරීම් රටාව මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

මේ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම තරගයේ ජයග්‍රහණය සින්දූර් මෙහෙයුම සඳහා එක් වූ සියලුම සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් පුදකර සිටින බවයි.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායම මෙහි පැමිණියේ ක්‍රීඩා කිරීමට පමණක් බව සඳහන් කළ සූර්යකුමාර් එම කාර්ය භාරය මැනවින් ඉටුකළ බවත් මෙහිදී පවසා සිටියා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට පාකිස්ථාන නායක සල්මන් අලි අගා සහභගී වී සිටියේ නැහැ.

ඔහු වෙනුවට පාකිස්ථානය නියෝජනය කරමින් පාකිස්ථාන ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් එක්ව සිටි අතර, ඉන්දීය ක්‍රීඩකයින්ගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.

එහිදී මයික් හෙසන් සඳහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම කිසිම අවස්ථාවක ඉන්දීය කණ්ඩායමෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූ බවයි.

ප්‍රතිවාදී ඉන්දියාව මෙලෙස කටයුතු කිරීම පිළිබඳව කලකිරීමක් ඇතිවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

  1. මේ ක්‍රීඩාව ඉංදියාව විසින් වනසනවා පමණක්ම නොව සමස්ථ ආසියාවම අපකීර්තියට පත්කරවනවා ලෝකය ඉදිරියේ!!!” වැරිදි පිරිසකට කුමණ වටිනාකමක් සහිත දෙයක් දුන්නත් එය බාවිත කරනුයේ විනාශයට සහ වෛරය බෙදීමට බවමයි සෑම අවස්ථාවකම ඉංදියානු දේශපාලකයන් වගේම වත්මන් ඉංදිය මහජනයාද සිදුකරනුයේ යන්න ඔප්පු කලහ!!!”
    හරිම කනගාටුයි” මේ ක්‍රීඩාව අද සූදුවක් බවට ඇද දැමුවේද ඉංදිය ක්‍රිකට් බලධාරීන් සහ එම පිරිසම නිසාය..෴ එනම්” ඉංදියාව හරහා එන හුලං බොදද අද අන්ත දූෂිතම වී ඇති බව පෙන්වනුයේම කලාපයේම විනය අද ඉංදියාව බව තව තවත් සනාථම කරමින්ය..

  2. ඉන්දියාව ගත්තු තීරණය ඉතාම නිවැරැදියි. ඉන්දියාවේ අහිංසක සංචාරක කණ්ඩායමක්
    ත්‍රස්තවාදී පකිස්තාන් සන්නද්ධ කල්ලියක් විසින් අමු අමුවේ ඝාතනය කිරීම ගැන කවදාවත් පකිස්තාන් ක්‍රීඩකයින් හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය කණගාටුවක් ප්‍රකාශ කලේ නෑ. ඒ වෙනුවට ඔවුන් ඝාතනයට ලක්වූ අහිංසක සිවිල් ජනතාව සමච්චලයට ලක් කලා.
    ලෝකයේ එදා මෙදාතුර ක්‍රිකට් කණ්ඩායමකට අත් දකින්න සිදුවුනු බිහිසුණු හිරිකිතම සිදුවීම සිද්ධ උනේත් පකිස්තානයේදියි. ඒකත් අපේම ක්‍රිකට් වීරයින්ටයි. ඒ අතින් ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් පකිස්තානෙට නොයෑම ඇත්තටම වාසනාවක්.

    ත්‍රස්තවාදීන් සමග හුරතල් වෙමින් අහිංසක මිනිසුන්ගේ ලේ මතින් ක්‍රීඩා කරනවා නම් ඒක මහ තිරිසන් හැසිරීමක්. ඉන්දියාව ගත් නිර්භීත තීරණයට ලාංකිකයින් විදිහට ඇත්තෙන්ම අප ගරු කල යුතුයි. ඉන්දියානු ක්‍රීඩකයින් යනු ඇත්තටම රටට ආදරය කරන ක්‍රීඩකයින් බව නැවතත් ඔවුන් ඔප්පු කලා.

    🧡🧡🧡🇮🇳🇮🇳🇮🇳



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25