spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශයේ සහ ජර්මනියේ ආරක්ෂාව දැඩි කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවට ලැබුණු අනතුරු ඇඟවීමෙන් අනතුරුව ප්‍රංශය සහ ජර්මනිය අලුත් අවුරුදු උත්සවයට පෙර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජර්මානු නගරයක් වන කොලෝන් නගරයේ අලුත් අවුරුදු උදාවේදී ඉස්ලාමීය කන්ඩායම් නගරයේ සුප්‍රසිද්ධ දෙව්මැදුරට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලැබුණු වාර්තාවකින් පසුවයි පොලිසිය සිය හමුදා ශක්තිමත් කර ඇත්තේ.

පසුගිය වසරේ බර්ලිනයේ පැවති අලුත් අවුරුදු උත්සවය ප්‍රචණ්ඩ කෝලාහල බවට පත්වීමෙන් පසු ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කෙරුණා.

පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් ඇතුළු කිහිප දෙනෙකු එහිදී තුවාල ලැබූ අතර ඔවුන් පැවසුවේ කිසියම් පිරිසක් විසින් ගිනිකෙළි හිතාමතාම ඔවුන් වෙත එල්ල කළ බවයි.

මේ අතර, ප්‍රංශය ඉතා ඉහළ ත්‍රස්තවාදී තර්ජනයකට මුහුන දී සිටින බැවින් නිලධාරීන් 90,000ක් යොදවනු ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් සිකුරාදා සඳහන් කළා.

යුරෝපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාමත් සමගයි ආරක්ෂාව දැඩි කිරීමට ප්‍රංශය තීරණය කර ඇත්තේ.

2024 වසර ඉලක්ක කර ගනිමින් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන අතර එම උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

පැරිස් අගනුවර ආරක්ෂාව සදහා පමණක් 6,000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඩ්‍රෝන යානා ද නිරීක්ෂණ කටයුතු සදහා යොදවා ඇති අතර ගිනි නිවන භටයින් සිය ගණනක් සහ හමුදා භටයින් 5,000ක් පමණ ආරක්ෂාවට යොදාව ඇති බව ද සඳහන්.

නව වසරේ උදාව සැමරීම සදහා ප්‍රංශයේ පැරිස් අගනුවරට මිලියන 1.5ක පමණ පිරිසක් රැස්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ත්‍රස්තවාදී තර්ජන හැරුණු විට ප්‍රංශයේ සම්ප්‍රදායිකව අලුත් අවුරුදු පැමිණීම සමරන විට කුඩා වැරදි, විශේෂයෙන් මෝටර් රථ ගිනි තැබීම් වැනි සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 2021 වසරේ දෙසැම්බර් 31 වනදා මෝටර් රථ 874ක් ගිනි තබා ඇති අතර 2022 වසරේ දෙසැම්බර් 31 වනදා මෝටර් රථ 690ක් පුළුස්සා දමා ඇති බවයි.

ප්‍රංශය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් නත්තල් උත්සවයට පෙරාතුව පල්ලි සඳහා ද ආරක්‍ෂාව වැඩි කර තිබෙනවා.

මෙම දෙසැම්බර් මාසය මුලදී, යුරෝපීය භූමියට ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ බවට සැක කෙරෙන හමාස් සාමාජිකයින් සිව් දෙනෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ද ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?