පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සඳහා ප්‍රතිපාදන ‍වෙන් කිරීමේ ඌණතාවක් – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී හෙළිවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ (4)(අ) වන ව්‍යවස්ථාව අනුව 2026 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැයෙන් පළාත් සභා වෙත මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලනු ලැබුවා.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, රවුෆ් හකීම්, හර්ෂන රාජකරුණා, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන අයගේ සහභාගීත්වයෙන් 2026.02.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මුදල් කොමිෂන් සභාවේ සභාපති සුමිත් අබේසිංහ ඇතුළු අනෙකුත් සාමාජිකයින් විසින් 2026 වර්ෂය සඳහා පළාත් ප්‍රාග්ධන සහ පුනරාවර්ථන වියදම් අවශ්‍යතා තක්සේරු කිරීම සම්බන්ධයෙන් කාරක සභාව දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා.

මෙහිදී දීර්ඝ වශයෙන් පළාත් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අංශ සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවුණා.

මෙහිදී පැමිණි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ විශාල පාසල් සංඛ්‍යාවක් පළාත් සභා සතුව පවතින බැවින් ඒ වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම සිදුවන බවයි.

එසේම පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සඳහා ප්‍රතිපාදන ‍වෙන් කිරීමේ ඌණතාවක් පවතින බව මුදල් කොමිෂන් සභාව පෙන්වා දෙනු ලැබුවා.

එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත ඇතුළත වියදම් සීමා සහිත බවත් එසේ තිබියදීත් හැකි උපරිම වශයෙන් ඌනතාව සම්පූර්ණ කිරීමට උත්සාහ කරන බවයි.

තවද ප්‍රාදේශීය සභා පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු වූ අතර, එම සාකච්ඡාව අතරතුර මුදල් අමාත්‍යාංශය නියෝජන කරන නිලධාරීන් පෙන්වා දුන්නේ රජයට ප්‍රමාණවත් තක්සේරු නිලධාරීන් නොමැති බවයි.

මෙහිදී මුදල් කොමිෂන් සභාව පෙන්වාදුන්නේ තක්සේරු නිලධාරීන් බඳව‍ා ගැනීමට සහ පළාත් ගුරු පුරප්පාඩු පිරවීමට ඉදිරියේදී රජය පියවර ගතහොත්, ඒ සඳහා අමතර ප්‍රතිපාදන අවශ්‍ය විය හැකි බවයි.

එසේම පළාත් සභා විසින් ආදායම් ඉපයීම සම්බන්ධයෙන් සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සිදුවුණා.

වාර්තාව සලකා බැලීම සමාප්ත කරමින් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ මෙම සාකච්ඡාව ඉතාමත් ඵලදායී සාකච්ඡාවක් බවයි.

  1. පළාත් සභාවලට නම් සත පහක්වත් දෙන්න හොද නෑ ඕකුන් කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරන එක මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඉතුරු කරන්න නම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02