‘පච්ච මංජු’ට වෙඩි තැබීමට ආ යතුරුපැදිය ඇලකි ගොඩගනී – පොඩි පැටීගේ වැඩක් දැයි සැකයක් ? (ඡායාරූප)

අහුන්ගල්ල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අහුන්ගල්ල, කරිජ්ජපිටිය අමුන පාලම අසල ඇ⁣ලේ ගිල්වා තිබිය දී මෙම ස්කූටර් වර්ගයේ යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබුණා.

ඊයේ (01) දහවල් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 45ක පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතියෙක් වන ජගමුනි නීල් කුමාර මෙන්ඩිස් නොහොත් ‘පච්ච මංජු’ නැමැති අයෙක්.

බෙලිඅත්තේ පසුගිය දා සිදු වූ පංච පුද්ගල ඝාතනයේ දී ජීවිතක්ෂයට පත් වූ රෝයල් බීච් සමන් ඝාතනයට පළිගැනීමක් ලෙස පොඩි පැටී නම් පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම අපරාධය මෙහෙයවා ඇති බවට විමර්ශන සිදුකරන ආරක්ෂක අංශ සැකපළ කරනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඒ සඳහා භාවිත කළ උණ්ඩවල හිස් පතොරම් කොපු ද වෙඩික්කරුවන් විසින් රැගෙන පළාගොස් ඇති බවයි.

20240301 125429 1 scaled
20240301 125434 1 scaled
20240301 200637 scaled
20240301 201937 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10