මුදල් ලේකම් සහ අමාත්‍යාංශ ලොක්කෝ අනිද්දා මුදල් කමිටුවට හමුවට

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් පිරිසක් විසින් සයිබර් ප්‍රහාරයක් මඟින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (28) මේ බව සඳහන් කළා.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ ලබන බ්‍රහස්පතින්දා ( 30 ) පෙනී සිටින ලෙස මෙම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.