පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

හෙට්ටිපොල පොලිස් වසමේ අකරවත්ත ප්‍රදේශයේදී ඊයේ(10) රාත්‍රී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට හෙට්ටිපොල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අවුරුදු 54 ක් වූ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ ඝාතනයට ලක්වී ඇති බවට වාර්තාවෙනවා.

මරණකරු කොහු මෝලක සේවකයෙකු වන අතර එහි තවත් පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.