පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කිරීම බලාපොරොත්තුයි – අගමැති හරිනි

පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බවත්, බුද්ධ ධර්මය තුළ ඇති වටිනාකම් සහ දැනුම පිරිවෙන් තුළ අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට හා ගිහි සිසුන්ට ලබා දිය හැකි, නායකත්ව ගුණාංගයන්ගෙන් පිරි ආචාර්යවරුන් ද පිරිවෙන් පද්ධතියට අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිවෙන් ආචාර්යවරුන් 148 දෙනෙක්ට පත්වීම් ප්‍රදානය කිරීම සඳහා ඊයේ (28) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයට එක් වෙමින්.

මෙහිදී පැවිදි ආචාර්යවරු 101 දෙනෙක් සහ ගිහි ආචාර්යවරු 47 දෙනෙක් නව පත්වීම් ලැබුවා.

අභියෝග ගණනාවක් පවතින වත්මන් ලෝකය තුළ, වගකීම් භාරගත හැකි, බුද්ධ ධර්මයේ තියෙන වටිනාකම් ඉගෙනීමට සේම, ඒවා ජීවිතය තුළ භාවිතයට ද ගන්නා පිරිසක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යයන අංශයේ නායක ස්වාමීන් වහන්සේලා මෙන් ම නිලධාරි ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11