ක්‍රිකට් කියන්නේ රටේ වැදගත්ම දෙයක් – ඉරාන් වික්‍ර‍මරත්න

ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය භාර ගැනීම සම්බන්ධව හෝ එම ධුරයේ කටයුතු සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍ර‍මරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ පෞද්ගලික හෝටලයක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

ක්කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යනු ඉතා වැදගත් කාරණාවක් බවත්, සියලුම දෙනා ක්‍රිකට් නැරඹීමට ප්‍රිය කරන බවත්, විනෝද වන බවත් ඉරාන් වික්‍ර‍මරත්න කියා සිටියා.