“ඒහිපස්සිකෝ” සාම පා ගමන නිමා කළ භික්ෂුන් වහන්සේලා දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකාවේ ” ඒහිපස්සිකෝ ” ලෙස නම් කර තිබූ ” ලෝක සාමය සදහා පාගමන” (A Global Walk for Peace) නැමති සාම පා ගමන සදහා සහභාගී වීම සදහා මෙරටට පැමිණ සිටි, ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග  “ආලෝකා ” නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද , එම සාම පාද චාරිකාව නිමා කර , අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා .

මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත සංග්‍රහ සත්කාර කිරීමෙන් පසු, ගුවන් තොටුපොළ විවිධ අංශ වල සේවයේ නිරත සේවක –  සේවිකාවන් පැමිණ , නමස්කාර කිරීම ද සිදු කළා.

 “ආලෝකා” සුනඛයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන් , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් සහ ගුවන් හමුදා නිලධාරීන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබෙනවා.

මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද දින උදෑසන 07.12ට  තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා, තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඔවුන් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
18
+1
1
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදින් පැන්න අධිකරණ ඇමති නැගිටලා යයි..හැමෝටම හිනා - ඇමතිගේ උගත් කෑල්ල ඉවත් කරනවා
15:44
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ? තමුන් වීඩියෝ කරලා දානවා - මම බය නෑ ඕයි..දෙනවා ලයිසන් එක
03:42
Video thumbnail
අර්චුනා නිසා සජිත්, සුජීව, වටගල පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මේ රටින් පැනලා යනවා නෙවෙයිනේ
06:11
Video thumbnail
එදා වෙ# නොතියා කඳුළු ගෑස් ගහන්න තිබ්බා - මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:00
Video thumbnail
ඉල්ලා අස් නොවෙන එක ලැජ්ජා නැති වැඩක්- අජිත් අධිකරණ ඇමතිට කටඋත්තර නැති කරයි
15:52
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42