මත්ද්‍රව්‍ය සමඟ හසු වූ චීවරධාරීන්ගේ ප්‍රධාන හිමිනම මීගහවත්තෙන් අල්ලයි – තවත් ප්‍රධාන හස්තයක් ක්‍රියාත්මක බව පොලිසිය කියයි

මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස විදෙස් ගත කළ බව කියන ප්‍රධාන හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය සැඟවී සිටිය දී සැකකාර හිමිනම අද (26) අත්අඩංගුවට ගත් බවයි.

මෙම ජාවාරම පිටුපස තවත් ප්‍රධාන හස්තයක් ක්‍රියාත්මක බවට සැකකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

තායිලන්තයේ සිට පැමිණි මෙම චීවරධාරීන් පිරිස අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබුණේ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙනයි.

අත්අඩංගුවට ගත් මෙම චීවරධාරීන් පිරිස ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් පිරිසක් වන අතර, ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.‍



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39