පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කසාගල අධිවේගී පිවිසුමේ දී අයෙක් අල්ලයි

වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේ දී කැබ් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවුරුදු 57ක් වන මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මෙම පුපුරණ දුව්‍ය තොගය ගල් කැඩීම සඳහා යොදාගැනීම සඳහා ප්‍රවාහනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

වීරකැටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted