විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළා.
රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
මුළු මහත් සමාජයම කම්පාවට පත් කරමින් සිදු වූ මෙම සිදුවීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදි පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
මෙම සිදුවීමට අදාළව මහානායක හිමිවරු මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස මෙහිදී මහා සංඝරත්නය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම, වත්මන් ප්‍රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, ඓතිහාසික සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති , පූජ්‍ය ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද , පූජ්‍ය ආචාර්ය මුරුද්දෙණිය ශ්‍රී ධම්මරතන, පූජ්‍ය අත්තංගනේ රතනපාල, පූජ්‍ය අත්තංගනේ ශාසනරතන , පූජ්‍ය සුහදගම අනුරුද්ධ , ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලී, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති යන ස්වාමීන්වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.














රජය රජය වශයෙන් කටයුතු කල යුතුය . රටේ අනාගතය හා වර්තමානය විනාශ කිරීමට නොහික්මුණු කුමන්ත්‍රණ කරුවන් සමාජයේ සැම ස්ථරයකම ඇත. එවා පාලනය කීරීමට හා වැලැක්වීමට රටේ නිතිය ඇත. ඒ අනුව කටයුතු කරමු.
භික්‍ෂූන් වහන්සේලා පන්සල් මුවාවෙන් කෙරෙනබොහෝමයක් ව්‍යාපාරවලට සම්බන්ධයි.ඒ අනුව තමයි ඔවුන් වහන්සේලා එක එක මට්ටමේ දේශපාලන ව්‍යාපාරවලද නිරත වෙලා ඉන්නේ.මහානායක සාමින් වහන්සේලා මේ පිළිබඳව පියවරක් ගත යුතුව ඇත.භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි.දේශපාලනයට ඉහළින් සිටිය යුතුයි.බිස්නස් කරන භික්‍ෂූන් වහන්සේලා සහ දේශපාලනය කරන භික්ෂූන්සා වහන්සේලා අශෝක රජතුමා කලාක් මෙන්ම සහ පැරකුම්බා රජතුමා සිදු කළාක් මෙන් සාසනය මුළුමනින්ම සුද්ද කරලා දැනට තියෙනවාටත් වඩා අති පිරිසිදු වූ මහා සංඝරත්නයට මහත් වූ ගෞරවයකින් සහ මුල් තැන දෙමින් කටයුතු කළ යුතුයි.රටේ තිබෙන බොහෝ ජාවාරම්වලට මූලික වන්නේ මේ ආගමික නායකයෙන් දේශපාලනයක් යම් පිටිපස්සේ යෑමයි
මේ සඳහා සම්පුර්ණයෙන්ම මහා නායකහිමිවරු වගකිව යුතුයි. හේතුව දුෂ්‍ශීල බික්ෂුන් ගැන මේ තාක් කිසිදු ශාසනික පියවර නොගැනීමයි. බික්ෂුන් යනු දේශපාලනයට ඉහලින් මිස දේශපාලකයන්ගේ අතකොළුවක් නොවිය යුතුයි. මහා නායක හිමිවරු පවා එක් එක් පක්ෂ වලට ආවැඩීම නැවැත්විය යුතුයි. වරප්‍රසාද, වරදාන පසුපස යන සියළුම බික්ෂුන් ශාසනයෙන් නෙරපන්න ශක්තිය තිබිය යුතු උවත් එය සිදුනොවීම මේ සියළුම වැරදි වලට ප්‍රධාන හේතුවයි.
මේ උද්ගතවී ඇති තත්ත්වය ස්වභාවයෙන්ම දැන් දැන් මේ දැන් මේ සාන්දිට්ඨික ගෞතම බුද්ධශාසනය පිරිසිදුකළයුතු කාලය බව ඇස්කන් ඇති වගකිවයුතු පාර්ශවයන් හට ඔළුවට ටොක්කක් ඇනපුබවයි .මම නම් කියන්නේ මේ ටොක්කවත් ඒ අයට දැනුනාද කියලයි අපිට අහන්ට තියෙන්නේ
මහින්ද ලා සහ උගේ එහෙයියෝ සනසන්න නම් හාමුදුරුවෝ 22 දෙනා නිදොස් කොට නිදහස් කළ යුතුයි. අනුර ඒක කරනවා සිකුරුයි