සහෝදරියගේ ගිණුමේ සල්ලි ගන්න සහෝදරයා සහෝදරියගේ ඇටසැකිළි දේහය බැංකුවට අරන් ඇවිත් (වීඩියෝ)

තම මියගිය සහෝදරියගේ ඇටසැකිළි දේහය උරහිස මත තබාගෙන බැංකුවකට ගොස් ඇයගේ ගිණුමේ තිබූ රුපියල් 19,300ක මුදල ලබාගැනීමට උත්සාහ කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ජිතු මුන්ඩා නම් මෙම පුද්ගලයා කියොන්ජාර්හි ඩයනාලි ගම්මානයේ ජිවත්වන අයෙක් වන අතර, ඔහුගේ සහෝදරිය කක්‍ර මුන්ඩා, මල්ලිපාසි හි ඔඩිෂා ග්‍රාමින් බැංකුවේ ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම සහෝදරිය මීට මාස දෙකකට පෙර මිය ගොස් ඇති අතර, ඇගේ සැමියා සහ එකම දරුවා ඊට පෙට මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඇගේ එකම ඥාතියා ලෙස ඉතිරිව සිට ඇත්තේ ජිතු මුන්ඩා නම් මෙම පුද්ගලයායි.

ජිතු තම සහෝදරියගේ ගිණුමේ ඉතිරිව ඇති රුපියල් 19,300 ක ශේෂය ලබා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ බැංකු කළමනාකරු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහිදී කළමනාකරු පවසා ඇත්තේ ඒ සඳහා ගිණුම් හිමියා පැමිණ සිටිය යුතු බවයි.

නැතහොත් නීත්‍යානුකූල උරුමක්කාර ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව ද පවසා තිබෙනවා.

නිසි අධ්‍යාපනයක් නොලැබූ ජිතුට මරණ සහතිකයක් හෝ අනුප්‍රාප්තික ලියකියවිලි නොතිබූ අතර සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට නොහැකි වීමෙන් පසු අසරණව ආපසු පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු ඊයේ සුසාන භූමිය වෙත ගොස් වළදමා තිබූ තම සහෝදරියගේ දේහය ගොඩගෙන එය කර තබාගෙන බැංකුව කිලෝමීටර් 03ක් පයින්ම බැංකුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බැංකු නිලධාරීන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එම අවස්ථවේ ජිතු වගකීම භාරගෙන ඇති අතර, පොලිසිය පැවසුවේ නඩුව මානුෂීය හේතූන් මත හසුරුවන බවත් බැංකුවෙන් ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බවයි.

  1. එක අතකට පව් නේද මේ මිනිස්සු.. හරි හමන් අධ්‍යාපනයක් නොමැති වීම.. නැත්නම් මේ වගේ දේවල් කරයිද..🥹😔



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06