ඇෆ්ගන් විශ්වවිද්‍යාලයකට ප්‍රහාර එල්ල කිරීම ගැන පාකිස්තානයට චෝදනා

නැගෙනහිර ඇෆ්ගන් පළාතේ කුනාර් වෙත එල්ල කරන ලද පාකිස්තාන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙක් මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර සිසුන් සහ කුනාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ද සිටින බව වාර්තා වනවා.

තලේබාන් රජයට අනුව, තුවාල ලැබූවන්ගෙන් 30 දෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් බව සදහන්.

පකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විශ්ව විද්‍යාලයට සහ නේවාසික ප්‍රදේශවලට පහර දීම ප්‍රතික්ෂේප කරමින් වාර්තා ව්‍යාජ ඒවා බව පැවසීය.

කුනාර් පළාතට එල්ල කරන ලද ප්‍රහාරයේදී මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ල වූ බව තලේබාන් සංවිධානය පවසන අතර, වෙනත් මූලාශ්‍ර උපුටා දක්වමින් බීබීසීය පැවසුවේ ජෙට් සහ ඩ්‍රෝන යානා භාවිතා කර ඇති බවයි.

කුනාර් විශ්වවිද්‍යාලයේ උගන්වමින් සිටි මහාචාර්යවරයෙක් බීබීසීයට පවසා ඇත්තේ විශ්ව විද්‍යාල පරිශ්‍රය පුරා භයානක පිපිරීම් ඇසුණු බවයි.

https://www.bbc.com/news/articles/cvg0gxrgklro
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted