බලංගොඩ, රජවක විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.
ඊයේ (12) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ එම පාසලේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලැබූ කිවිර හිරුජය නැමැති සිසුවෙක්.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ කිවිර හිරුජයගේ දේහය අද (13) දහවල් ඔහු පදිංචිව සිටි රජවක, බිබිලෙවෙල ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ආවා.
මේ අතර පාසල් ගොඩනැගිල්ලට කඩාවැටුණු බෝගසේ කොටස ඉවත් කිරීමේ කටයුතු ද අද දිනයේ ආරම්භ කෙරුණා.
ඒ, යුද හමුදා සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 20 දෙනෙක්කුගේ සහාය ඇතිවයි.
දැව සංස්ථාව මඟින් හෙට (14) දිනයේ සිට එම බෝ ගස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයූතු සිදුකිරීමට නියමිත බව ‘දසත නිවුස්, බලංගොඩ වාර්තාකරු සඳහන් කළා.
ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරන් තවත් සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලැබුවා.