AFC Banner
AFC Banner
Empty Ad

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මහාචාර්ය ඒකකය කැබිනට් තීන්දුවක් මත අහෝසියි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මහාචාර්ය ඒකකය පවත්වාගෙන යාමට පසුගිය රජය සමයේ ගත් තීන්දුව අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට (21) පැවැත්වෙමින් ඇති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කාර්‍යය මණ්ඩලය සහ උපකරණ හිඟ වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලේ මෙම මහාචාර්‍යය ඒකකය ආරම්භ කිරීමට ද තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ ආශ්‍රිත ව මොරටුව වෛද්‍ය පීඨය ඉදිකිරීමට ද තීරණය කර ඇති අතර ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ද සලසමින් පවතින බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දුන්නේ.

ඒ සඳහා මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට නාගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසක් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් විශ්වවිද්‍යාලයට පවරාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?