Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නුවන් තුෂාර සංචිතයෙන් එළියට – ඒ වෙනුවට ඩිල්ෂාන් මධුශංක ?

වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර ද ඉන්දියාවට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (24) දින ආබායකට ලක් වීම හේතුවෙන්.

ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පන්දු රැකීමේ පුහුණු සැසියකට එක් වූ අවස්ථාවේ දී පන්දුවක් තුෂාරගේ ඇඟිල්ලක වැදී එම ඇඟිල්ල බිඳී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට තරග 03කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට එරෙහිව එළඹෙන 27 වැනි දා ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ නැහැ.

ඊයේ දිනයේ දී වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණා.

ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවනු ලැබුවේ අසිත ප්‍රනාන්දු යි.

නුවන් තුෂාරගේ හිස්තැන පිරවීමට ඩිල්ෂාන් මධුශංක එක් වනු ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?