නිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග පුෂ්පික පැහැර ගෙන යයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඔහු කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇති අතර පසුව ඔහු තම පෞද්ගලික ගමනක් යාම සදහා බස් රියකට ගොඩ වැදී සිටිය දි මෙලෙස මොහු පැහැරගෙන ගොස් තිබෙනවා.

Update – ඇනතනී වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය තහවුරු කරනවා.අද (27) දහවල් නාඳුනන පිරිසක් විසින් ඔහුව පැරගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොමිෂම විසින් පොලීසියෙන් කරන ලද විමසීමකට අනුව පොලීසිය විසින් ඔහු කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බවට තහවුරු කර තිබෙනවා.

image


අපගේ නවතම වීඩියෝ පුවත්