නාවික හමුදාවේ මානව බලඝණ ශක්තිමත් කිරීමට අමෙරිකාවේ සහාය දෙන බවට පොරොන්දුවක්

එක්සත් ජනපද ආරක්ෂක අංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරි අද්මිරාල්; ස්ටීව් කොහ්ලර් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් සිදු වුණා.

ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී මෙම නිල හමුව සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඉන්දියන් සාගරයේ වැඩිවන ආරක්ෂක අභියෝගවලට මුහුණදීම, සමුද්‍ර කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සම්බන්ධයෙන් වගකීම් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහි සටනට ශ්‍රී ලංකාවට සහාය දෙන බවයි එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියා මෙහිදී තහවුරු කළේ.

කෝලර් මහතා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ උත්සාහයන් ද ඇගයීමට ලක් කරනු ලැබුවා.

නාවික හමුදාවේ මානව බල පුහුණුව සඳහා එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ද ඔහු මෙහිදී ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54