කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බැවින් මෙම ආරක්ෂාව තර කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.
මේ අතර, කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ප්රසන්න රණවීර සහ ප්රසන්න රණතුංග ඇතුළු පිරිසක් පැමිණ සිටියා.













