න්‍යෂ්ටික ප්‍රහාර එල්ල වුනොත් ශ්‍රී ලංකාව සූදානමින් (වීඩියෝ)

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව සිදුවිය යුතු බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසනවා.

ඒ, බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට එහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි.

කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇතිවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සලකා බැලීම සඳහා බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

එහිදී පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ කාරක සභාව දැනුවත් කරනු ලැබුවා.

පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් තවදුරටත් ප්‍රකාශ කළේ, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බවයි.

බලශක්තිය සුරක්ෂිත කිරීමට සහ බලශක්ති අර්බුදයක් ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී කරුණු දක්වනු ලැබුවා.

නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී ආයතන ගණනාවකින් අනුමැතීන් ලබා ගැනීමේදී ගතවන කාලය දීර්ඝ බැවින්, එම කාලය අඩුකර ගැනීමේ වැදගත්කම ද පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් කාරක සභාවේ අවධානයට යොමුකළා.

මේ අතර, සමනළ වැව ජලාශයේ ජල කාන්දුව පිළිසකර කළඳ, ජල කාන්දුව නතර කළ නොහැකි බව කාරක සභාව හමුවට කැඳවා තිබූ ශ්‍රී ලංකා එනර්ජීස් පෞද්ගලික සමාගමේ නිලධාරීන් කියා සිටියා.

දිගින් දිගටම ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වී ඇති බවද ඔවුන් කාරක සභාව හමුවේ පෙන්වා දුන්නා.

එසේම, ජල කාන්දුව වැළැක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයෙක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක බවද එම නිලධාරීන් කාරක සභාවට පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17