නව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරී අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වයිස් අද්මිරාල් නිලයට උසස් කර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස අද (01) සිට පත් කෙරුණා.

ඒ අනුව, අද (01) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් කාන්වන බානගොඩ විසින් අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාමාජිකයින් හතලිස් අට දෙනෙකුගෙන් (48) සමන්විතවිශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරි ආරම්භ කළා.

වෙන්නප්පුව, ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 1991 වර්ෂයේදී, 21 වැනි ශිෂ්‍ය හට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය හට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් ශිෂ්‍ය හට නිලධාරී මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ විශේෂඥ පාඨමාලාව ඉන්දියාවේ ‘INS Dronacharya’ පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදී හදාරා තිබෙනවා.

එමෙන්ම, 2010 වර්ෂයේදී නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදීත්, ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව එක්සත් රාජධානියේ ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාපීඨය (Royal College of Defence Studies – RCDS) වෙතින්ද සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර, ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ද, ජාත්‍යන්තර ආරක්ෂක උපායමාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කිංග්ස් විශ්ව විද්‍යාලය තුලින් ද සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, සිය වසර 35 කට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති අතර, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණහාර නිලධාරි ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන් ගණනාවක අණ දෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කර ඇත. තවද, නාවික යුදායුධ නිලධාරි, නියෝජ්‍ය අධ්‍යක්ෂ නාවික අවි, හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර). ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපති, අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, උතුරු මැද නාවික විධානයේ ආඥාපති. නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කර ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදාධිපති වශයෙන් පත් වීමට පෙර, 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටු දැකීම වෙනුවෙන් සිදුකෙරුණු මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීයව දායක වී, සතුරා අභිමුව නොසැලී විදහාපෑ නිර්භීතභාවය වෙනුවෙන් රණශූර පදක්කමෙන් ද; අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට අඛණ්ඩ කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙතඔහුගේ සේවය අගයමින් අවස්ථා භයක දී නාවික හමුදාධිපතිවරුන් විසින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩාමේ දක්ෂ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් නාවික හමුදාව වෙත කීර්තියක් ගෙන දීමට කටයුතු කර ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති වශයෙන් ද සිය දායකත්වය ලබාදී තිබෙනවා.

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 27 වන නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් නිල වශයෙන් භාරගත් අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ දයාබර බිරිඳ, කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය සහ ඔවුන් දෙපලගේ දියණියන් වන කල්ෂා ප්‍රනාන්දු, සිසිලියා ප්‍රනාන්දු හා පුතණුවන් වන ෆෝඛියන් ප්‍රනාන්දු ද සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59