නව ගුවන් හමුදාධිපති ධුරයේ රාජකාරී කටයුතු අරඹයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්වීම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අද (29) නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක අංශය සඳහන් කළේ; ගුවන් හමුදා සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් අද දින ගුවන් හමුදා මුලස්ථානයේ දී නව ගුවන් හමුදාධිපතිතුමා පිළිගැනීමට පැවැත්වුණු බවයි.

එම උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව නව ගුවන් හමුදාපතිතුමා ආගමික වතාවත් සිදු කරමින් නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සිදු කළා.

අභිනවයෙන් රාජකාරී ආරම්භ කළ ගුවන් හමුදාපතිවරයා මුලික කරුණු පහක් යටතේ සිය සාමාජිකයින් අමතමින් සඳහන් කරනු ලැබුවේ; සිය නායකත්වය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණික දැනුම භාවිතයට ගැනීම, ගෝලීය ක්‍රියාකාරකම් මත ස්වකීය මෙහෙයුම් යාවත්කාලීන කරවීම, සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.

ගුවන් හමුදාවේ ගුවන්යානා බලඝණ තවදුරටත් ශක්තිමත් කරමින් ගුවන් බලය සඵලව භාවිතා කොට මාතෘ භූමියේ අවශ්‍යතාවන් අනුව සෑම විටම ක්‍රියාකිරීමට හැකි ගුවන් හමුදාවක් බවට පරිවර්තනය කරන බවටත්, ගුවන් ආරක්ෂණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීම මගින් අප ගුවන් කලාපයේ ආරක්ෂාව සහතික කොට, ආවේක්ෂණ රාජකාරීන් මතින් කලාපීය ගුවන් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම තම මූලික අභිලාශය බවට පත්කර ගන්නා බවට තවදුරටත් සඳහන් කළා.

තාක්ෂණික හමුදාවක් ලෙස ගුවන් හමුදාව තුළ ඇති තාක්ෂණික ශක්තිය මගින් නවෝත්පාදනයන් ඉහළ නැංවීම සදහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගනිමින් ගුවන් ආරක්ෂණ පද්ධතිය තර කිරීම, ඩ්‍රෝන තාක්ෂණය සහ නියමුවන් රහිත ගුවන් යානා තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කිරීම තුළින් අනාගත ගුවන් හමුදාව තාක්ෂණික ප්‍රවේශයකට සූදානම් කර වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර සංග්‍රාමීය අවශ්‍යතා වෙනුවෙන් සෑම අතින්ම සන්නද්ධ ගුවන් හමුදාවක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂක හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ හා අනුගත වෙමින් ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය ආරක්ෂණය තහවුරු කිරීම ගුවන් හමුදාවේ භාරදුර වගකීමක් බවත් එය සිදු කිරීමේ දී ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව මත පදනම්ව රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් ආවේක්ෂණ මෙහෙයුම් සඳහා වැඩි අවධානයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කෙරුණා.

2025 වර්ෂය තුළ දී රජය ආරම්භ කර ඇති ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය ලබාදීමට ක්‍රියා කරන අතර ගුවන් හමුදාවේ ප්‍රමිතිගත ප්‍රවේශයන් තුළින් මේ රටේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් කැප වී කටයුතු කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ සඳහා සූදානම් බවත් නව ගුවන් හමුදාපතිතුමා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08