නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම හෙට (01) සිට ලබන 18 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අධියරට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව කොන්ත්‍රාත් ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදි කිරීම භාවිත කළ හැකි වුව ද කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු අදියර යටතේ හෙට (01) පස්වරු 9 සිට 4 වන සඳුදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ 8 වන සිකුරාදා රාත්‍රී 9 සිට 11 වන සඳුදා පෙරවරු 6 දක්වාත් 3 වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා පස්වරු 9 සිට 18 වන සඳුදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම වසා තැබෙනු ඇති.

අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2023 11 30 at 17.59.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26