spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව කැලණි පාලම තාවකාලිකව වැසේ

නවීකරණ කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලම හෙට (01) සිට ලබන 18 වනදා දක්වා තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මේවන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අධියරට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව කොන්ත්‍රාත් ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

මේවන විටත් කිසිදු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදි කිරීම භාවිත කළ හැකි වුව ද කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු අදියර යටතේ හෙට (01) පස්වරු 9 සිට 4 වන සඳුදා පෙරවරු 6 දක්වාත් දෙවන අදියර යටතේ 8 වන සිකුරාදා රාත්‍රී 9 සිට 11 වන සඳුදා පෙරවරු 6 දක්වාත් 3 වන අදියර යටතේ දෙසැම්බර් 15 වන සිකුරාදා පස්වරු 9 සිට 18 වන සඳුදා පෙරවරු 6 දක්වාත් නව කැලණි පාලම වසා තැබෙනු ඇති.

අදාළ කාලසීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙන්නේ.

WhatsApp Image 2023 11 30 at 17.59.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?