රජයේ මෑන් පවර් සේවකයින්ට අගතියක් නොවෙන්න කළ යුතු දේ සොයන්න කමිටුවක්

ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සේවකයින් සෘජුව බඳවා ගැනීම වෙනුවට බාහිර පාර්ශ්වීය මෑන් පවර් ආයතන මඟින් තාවකාලික පදනමින් සේවකයින් ලබා ගැනීම ක්‍රමානුකූලව වර්ධනය වීමේ ප්‍රවණතාවක් පසුගිය කාල සීමාව තුළ නිරීක්ෂණය වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එමෙන්ම, එවැනි සේවකයින් සැලකිය යුතු තරම් වන දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවයේ යොදවා ගනු ලැබ ඇති අවස්ථා ද දක්නට ලැබී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර සේවකයින් හා සමාන රාජකාරී ඉටු කරන නමුත් රැකියා සුරක්ෂිතතාව, ව්‍යවස්ථාපිතප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීමක් නොමැති අනාරක්ෂිත සේවා නියුක්තික ප්‍රජාවක් එම ආයතන තුළ බිහි වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

එකී තත්ත්වය, සමාන කාර්යයයේ නිරත වන සේවකයින්ට සමාන වැටුප් සහ ප්‍රතිලාභ (Equal Pay For Equal Work) යන මූලික කම්කරු සංකල්පයෙන් බැහැර වීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම සිදු කළ යුතු බැවින්, මෑන් පවර් ආයතන වල සේවකයින් යෙදවීම නියාමනය කිරීම සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි මූලික ව්‍යාපාර කටයුතු සඳහා දැනටමත් දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ යොදවා ඇති මෑන් පවර් සේවකයින්ට අගතියක් නොවන අයුරින්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ අදාළ නීතිරීති සංශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිලධාරින් සහ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17