ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්වුණා.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් දශක ගණනාවක් තිස්සේ මුහුණ දී සිටින ගැටලු සහ පොදු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම මාස දෙකකට හෝ තුනකට වරක් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරුණා.

කඳුරට ප්‍රදේශවල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර තම ගැටලු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ රජයට ස්තුතිය පිරිනමන බව හින්දු ආගමික නායකයෝ මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු පූජකවරුද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුද්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23