‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට අනුමැතිය

බල ශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මතවරින්වර ඉන්ධන සැපයුම අඩාල වීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා

එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්‍ර වන බව හඳුනා ගෙන ඇත. එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනා කරණය කිරීම පිණිස වැඩි පුනර්ජනනීය බල ශක්ති ජනනයක් ඇති කාල පරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ වර්යාත්මක වෙනස්විම් ද අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන තිබෙනවා.

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ‘සුරකිමු ලංකා’ බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17