ශ්‍රී ලංකාවට මෙම වසරේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,912,233දෙනෙකු මෙරටට පැමිණී බවට වාර්තාවෙනවා.
මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන් වෙනවා.
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව සඳහන් වෙන බවට වාර්තාවෙනවා.
ඒ අනුව, ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ තිබෙනවා.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙන බවටත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල සටහන් වෙනවා.
