නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදියරෙන් අදියර ක්‍රියාත්මක කරනවා – අගමැතිනිය

පාදුක්ක, බෝපේ රාජසිංහ විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ඊයේ (19) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන්
මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය එක්වූවා.

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රටක
ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් ක්‍රියාකාරී පුරවැසියන් බිහි විය යුතු බවයි.

ඒ සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව වැනි වැඩසටහන් වැදගත් කාර්ය භාරයක් ඉටුකරන බවත් ඇය පෙන්වා දුන්නා.

එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කළ ප්‍රශ්නවලට ද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නා.

පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට අදියරෙන් අදියර හදුන්වා දීමට රජය සැලසුම් කර ඇති බවත්
අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල තුළ නවකවදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇය අවධාරණය කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය, කාර්යභාරය සහ
ක්‍රමවේදය පිළිබඳව දැනුම්වත් කිරීමක් සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57