ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරයේ සංශෝධනයක්

ධීවරයින්ට රජය විසින් ලබාදෙන ඉන්ධන සහනාධාරයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට දිනකට භූමිතෙල් ලීටර 15ක් බැගින් මාසයකට උපරිම දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 25 බැගින් ලබා දී තිබූ සහනාධාරය සංශෝධනය කිරීමටයි කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ.

මෙම සංශෝධනය යටතේ භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට මාසිකව රුපියල් 9,375ක දීමනාවක් 2024‑11‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 05ක කාලයක් සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඩීසල් යාත්‍රා හිමිකරුවන් සඳහා දැනට ලබාදෙන සහනය පෙර පරිදිම ලබා දීමට කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

2024‑10‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25ක ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42