දේපළ සොරකම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ සහ වත්තල ප්‍රදේශවලදීයි සැකකරුවන් අත්අඩංගුවට පත්වූයේ.

ඊයේ (04) වත්තල පොලිසියේ නිලධාරීන් පිරිසක් අපරාධ නිවාරණ රාජකාරි සංචාරයේ නිරතවී සිටියදී හෙරොයින් ග්‍රෑම් 7යි ග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔහු කිරිබත්ගොඩ වත්තල මිනුවන්ගොඩ යන පොලිස් වසම්වල සොරකම් රැසක් සිදුකර ඇති බවයි.

ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු අනුව සොරකම් කරන ලද ග්‍රෑම් 15ක් බරැති උණු කරන ලද රන් කැබැල්ලක්, ජංගම දුරකතන දෙකක්, ලැප් ටොප් පරිගණකයක්, අත් ඔරලෝසුවක් සහ රුපියල් 30,000ක මුදලක් ඇතුලු දේපළ රැසක් සොයාගෙන තිබෙනවා.

සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මාතලේ සහ නාවුල ප්‍රදේශවල නිවාස බිඳ දේපළ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අරංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි සැකකරු 30 හැවිරිදි අයෙක්.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මාතලේ සහ නාවුල ප්‍රදේශවල සිදු කළ ගෙවල් බිඳුම් ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සොරකම් කරන ලද පවුම් 8 හමාර, තුන හමාර, හතර, පවුම, පවුම් භාගය සහ කාල යන බරවලින් යුත් රන් කැබලි 8ක් සැකකරු සතුව තිබී සොයා ගැණුනා.

මෙම පුද්ගලයා අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48