දෙහිවල සත්තු වත්තේ දැකුම්කලුභාවයේ ප්‍රශ්නයක් තියෙනවා – මන්ත්‍රී මාදුගොඩ

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කැළි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

සත්වෝද්‍යානයේ ඇතැම් ස්ථානවල ජලය ආශ්‍රිතව ද කැළි කසල බැහැර කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

”මම මීට මාස 04කට කලින් මම සත්තු වත්තට ගියා, කැළි කසල කළමනාකරණය සම්බන්ධයෙන් සැහීමකට පත්වෙන්න බැහැ. අපි දැක්කා තැන තැන කැලි කසළ තියෙනවා, ජලයට මුසු වුණු කැළි කසල තියෙනවා අපි දැක්කා. ඒ වගේම අර තියෙන දැකම්කළු බාවයේ ප්‍රශ්නයක් තියෙනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !