දූෂණ වංචාවලට දැඩි නීති රීති එයි

මෙරට දූෂණ කටයුතුවල යෙදෙන ඕනෑම කෙනකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට රජය සූදානම් වනවා.

දැනට යෝජනා වී තිබෙන නව දූෂණ විරෝධී කොමිසමක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකෙරෙනු ඇත. මෙසේ අත්අඩංගුවට ගන්නා අය පැය 24 ක් රඳවා තබා ගැනීමට අත්අඩංගුවට ගැනීම් භාර නිලධාරීන්ට හැකියාව ලැබේ.

මේ අතර දූෂණ ක්‍රියා සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති පුද්ගලයන් ශ්‍රී ලංකාවේ පිටත සිට එම කටයුතු සිදුකර ඇතද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට බලය ලැබෙයි.

මෙයට අදාළ පිටු 108 කින් සමන්විත දූෂණ විරෝධී පනත මේ වනවිට මහජනතාවගේ අවධානය ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කර ඇත.

දූෂණ විරෝධී කටයුතු මෙහෙයවීම සඳහා ස්වාධීන කොමිසමක් පත්කරන අතර දූෂණ කටයුතු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවී ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීම එම කොමිසම මගින් සිදුකරනු ඇත. නව දූෂණ විරෝධී පනත යටතේ ඕනෑම කෙනකුගේ වත්කම් සහ ණය පිළිබඳ තොරතුරු එම කොමිසමට ලබාගත හැකිය.

ඕනෑම ඉලෙක්ට්‍රොනික දත්ත සමූහයක්, එම දත්ත සමූහය ඩිජිටල් හෝ එසේ නොවන තත්ත්වයක තිබියදී ලබා ගැනීමේ අයිතිය කොමිසම සතුය.

රජයේ නිලධාරීන් නිශ්චිත කාලයකට වරක් තමන්ට ශ්‍රී ලංකාව තුළ සහ ශ්‍රී ලංකාවෙන් පිටත තිබෙන වත්කම් සහ වගකීම් හෙළිදරව් කිරීම මෙම පනත යටතේ කළ යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25