දික්කසාදය ගැන තීන්දුවක් – තුන්වැනි පාර්ශ්වයෙන් වන්දි ඉල්ලීමේ අවස්ථාවක්?

මෙරට සිවිල් නීති පද්ධතිය තුළ ඇති ‘දික්කසාදය’ සම්බන්ධයෙන් වන නීතිමය කරුණක දී කිසියම් පුරුෂයකු හෝ ස්ත්‍රියක විසින් සිය දික්කසාදයට නඩුවක් ගොනු නොකර වන්දි ඉල්ලා සිටිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා.

මෙම දැනුම්දීම අනුව නීත්‍යනුකූලව විවාහ වී සිටින දෙපළක් දික්කසාද වීමට යාමේ දී ඔවුන් දෙදෙනාගේ විවාහය දෙදරා යාමට බලපෑ ස්ත්‍රී හෝ පුරුෂ යන තුන්වැනි පාර්ශ්වයෙන්
(අනියම් තැනැත්තා) වින්දිතයා වන කාලත්‍රයා හට වන්දි ඉල්ලා සිටිය හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යනුකූලව විවාහ වී සිටින යුවළක් විවාහයකින් කෙළවර කිරීම වෙනුවට සම – විත්තිකරුවෙකුට (අනාචාර කරන්නා – විවාහයෙන් පිටත තුන්වැනි පාර්ශ්වයට) එරෙහිව හානි පූර්ණ හිමිකම් පෑමක් සිදු කළ හැකි බවට ප්‍රකාශ කළ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලිගේ හා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල අධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නීතිමය කරුණ දැනුම්දී තිබෙනවා.

හැටන් දිසා අධිකරණයේ සහ මහනුවර සිවිල් අභියාචනා මහාධිකරණයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සම විත්තිකරු (අනාචාර කරන්නා) ගොනු කළ අභියාචනයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, එහිදී බිරිඳගේ ක්‍රියාව නිෂ්ප්‍රභ කරමින් සැමියාට පක්ෂව තීන්දු ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීමට මුල් වූ සම විත්තිකරු (අනාචාරයේ හැසිරුණු තැනැත්තා)ට අධිකරණය නියෝග කර ඇත්තේ වින්දිත පාර්ශ්වය අතර ආරවුල් ඇති කිරීම, විවාහය දෙදරා යාමට හේතු වූ කරුණු ඇති කිරීමේ චෝදනා මත රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවිය යුතු බවයි.

ඒ අනුව, පැමිණිලිකරු සමග අනාචාරයේ යෙදීමෙන් සම විත්තිකරුට ඇති වූ සහයෝගීතාව අහිමි වීම හේතුවෙන් පැමිණිලිකරුගෙන් දික්කසාදය ඉල්ලීමක් නොකර සම විත්තිකරුට එරෙහිව අලාභයක් ගොනු කිරීමට විත්තිකරුට අයිතියක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

මෙම නඩුවේ දී, ස්වාමිපුරුෂයා ‘ද්වේශ සහගත ලෙස හැරයාමේ’ පදනම මත බිරිඳ දික්කසාදය ඉල්ලා සිටිය ද විවාහය දෙදරා ගොස් ඇත්තේ හැරයාම නිසා නොව බිරිඳගේ සහ විත්තිකරුගේ සල්ලාල හැසිරීම නිසා බවයි සනාථ වූයේ.

මෙරට අධිකරණ පද්ධතියේ නීතිය තුළ අනාචාරය දණ්ඩනීය වරදක් නොවන බවත් කාම මිථ්‍යාචාරය දික්කසාද වීමට හේතුවක් වන අතර අගතියට පත් කාලත්‍රයා සම – විත්තිකරුට එරෙහිව අලාභ ඉල්ලා සිටිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදුන්නා.

  1. Mama sama withthikaru lesa nam kara thiyenawa. Magen ema kaanthaawata daruwek sitinawa. Mamath wiwahaka ek daru piyek. Namuth api ekata jeewath wenne naha. Aniyam birida wiwaha nowi maath samaga jeewath wenawa. Meyata mata upadesak labadenna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39