“ත්‍රිකලා ධරණි” කියනවට වඩා “රෝස පාට කාර් එකේ අයිතිකාරි” කිව්වම ඔබ ඇයව දැන අදුනනවා. කාර් එකක් නිසා බුකියේම මාතෘකාව වූ ඇය නිරූපණයෙන් ඉදිරියට යන සුන්දර තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත්, නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න ඇය පසුගිය දවසක අපූරූ සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.
ඒ රටේ සංස්කෘතිය පිළිබදව. මේ තියෙන්නේ ඒ සටහන.
ලංකාවේ සංස්කෘතියට මම ගරු කරනවා. හැබැයි ඉතිහාසය ගත්තොත් ඒ මිනිස්සු අද ඉන්න අයට වඩා ජීවිතය වින්දා, සතුටින් සැහැල්ලුවෙන් ගතකලා. රජ වරුන්ට අන්තප්පුරයක් ඉදියා. ගැහැණු උදවිය උඩුකය පවා නිරුවතින් හෝ අඩ නිරුවතින් සිටියා. එකගෙයි කෑවා. එතකොට සංස්කෘතිය කඩාකප්පල් වුනාද? සීගිරි චිත්‍ර සාක්ශිත් දරනවා. මෑත ඉතිහාසය ගත්තොත් , 60/70 දශකය වෙනකන්ම යන්තම් ශරීරාංග වැහෙන්න තරමට කොටට තදට ඇදුම් ඇදන් ඉන්නේ. චිත්‍රපට සාක්ශි දරනවා. එතකොට සංස්කෘතියට හානි වුනෙත් නෑ. අද අපි කොහෙද මේ අතරමං වෙලා ඉන්නෙ? සංස්කෘතිය කියන රාමුවකට අපිව බලෙන් කොටු කරලා, ශත වර්ශ ගනණක් පරණ අතීතයක වැරදි ආකල්ප ගොඩක් එක්ක හිරකරලා ! ඒත් එක්කම මිනිස්සුන්ගෙ හැගීම් බලෙන් කොටුකරලා! මිනිස්සු කුහක වෙලා ! අසහනකාරයන් බිහිවෙලා ! ස්ත්‍රී දූශණ ,ළමා අපචාර ,මිනීමැරුම් මේ තරම් වෙන්නේ කොහොමද මිනිස්සු හදවතින්ම හීලෑ වෙලා, යුක්තිගරුකව ජීවත් වෙනවනම් ? ඉතිහාසයේ ජීවත් වුන උදවිය සතුටින් ඉන්නයි, අපේ උදවිය ඒ ඉතිහාසය බදාගෙන එකතැන පල්වෙන්නයි ගියාම මේ වගේ දේවල් වෙනවා ! දැන්වත් රාමුවෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා බලමු .ලෝකේ හරිම ලොකුයි අපි හිතනවටත් වඩා.

















Meyagenam saahenna lokui kiyala penawa …;)
Dara Gon Thadiyek. Midlle East wala parana rassawa karala