ජූලි මාසයට අදාළව වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

2026 ජූලි මාසයට අදාළව වැඩිහිටි දීමනාව හෙට (31) දිනයේ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකු වෙනුවෙන් රුපියල් 386,620,000ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.