ආහාර පාන සඳහා පරිභෝජන බදු අනුපාතය 1% දක්වා අඩු කිරීමට ජපානය සැරසෙයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට සියලුම ආහාර සහ පාන වර්ග සඳහා පරිභෝජන බදු අනුපාතය 1% දක්වා අඩු කිරීමට ජපාන අගමැති සනායි ටකයිචි සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් ආහාර සහ පාන වර්ග සඳහා පවතින 8%ක පරිභෝජන බදු අනුපාතය 1% දක්වා වසර දෙකක කාලයක් සඳහා මෙලෙස අඩු කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

අද (30) පැවති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විධායක නිලධාරීන්ගේ අසාමාන්‍ය රැස්වීමක අග්‍රාමාත්‍යවරිය එම සැලැස්ම ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

පරිභෝජන බදු නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව අගෝස්තු මස මුල වන විට රජය එකඟතාවයකට පැමිණීමේ අරමුණින්, පළමුව අභ්‍යන්තර පක්ෂ එකඟතාවයක් ගොඩනඟා ගන්නා ලෙස අගමැතිනිය පක්ෂ නායකයින්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23