මීගමුව බන්ධනාගාර ගැටුම ගැන ප්‍රධාන ජේලර්වරයා සාක්ෂි දෙයි

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියට අදාළ නඩුව අද (30) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.

එහිදී එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා, මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ සාක්ෂි ලබා දුන්නා.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර, පස්වරු 1.00ට පමණ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර, එම සාක්ෂි දීම පස්වරු 3.00 පමණ වනතුරු පැවැති බවයි දසත නිවුස් අධිකරණ වර්තාකරිනිය සඳහන් කළේ.

ප්‍රධාන ජේලර්වරයා ලබාදුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බව සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබෙනවා.

එම තොරතුරු හෙළිදරව් වීමෙන් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බැවින් එම සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණය නියෝග කෙරුණා.

මේ අතර මෙම සිද්ධියෙන් පසු කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ද බන්ධනාගාර නිලධාරීන් විසින් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37