දැනට ලැබුණු ප්‍රතිඵලවලින් පළාත් පාලන ආයතන 261ක ජය මාලිමාවට – පූර්ණ බලය හිමිව ඇත්තේ 164ක පමණයි

ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන මැතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 261ක සම්පූර්ණ බලාධිකාරිය පැතිරවීමට හැකි ව තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ට බහුතර බලයක් හිමිව ඇත්තේ පළාත් පාලන ආයතන 164ක පමණ‍යි.

පළාත් පාලන ආයතන 170ක බලය ජාතික ජන බලවේගයට අහිමි වී තිබෙන යුරු ද දැකිය හැකි වනවා.

මීට අමතර ව ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කිරීමට හැකි වූ පළාත් පාලන ආයතන අතර,

කොළඹ මහ නගර සභාව
දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
මොරටුව මහ නගර සභාව
කොලොන්නාව නගර සභාව
සීතාවකපුර නගර සභාව
මහරගම නගර සභාව
කැස්බෑව නගර සභාව
බොරලැස්ගමුව නගර සභාව
කොටිකාවත්ත – මුල්ලෙරියාව ප්‍රාදේශීය සභාව
සීතාවක ප්‍රාදේශීය සභාව
හෝමාගම ප්‍රාදේශීය සභාව
සුවිශේෂී කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ නගර සභා අතර වනවා.

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහාය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශ කළා.

මේ අතර ලද ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය ලබාදීමට තමා සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35