spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දස වසරකට පෙර කෙලසූ බාලවයස්කාර දැරියක් වෙනුවෙන් නීතියේ සාධාරණත්වය හිමිවෙයි

මීට වසර 10කට පෙර කුලී නිවසක විසූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (11) දිනයේ දී බරපතළ වැඩ සහිත ව වසර 10ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

මෙම නඩුව අද දිනයේ දී විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ දී යි.

චෝදනාවට ලක් වූ විත්තිකාර පාර්ශ්වය විසින් මීට වසර 10කට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි දැරියක් මෙලෙස දූෂණයට ලක් කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි අද දිනයේ දී මෙම නඩු තීන්දුව හිමිවූයේ.

ඒ අනුව විත්තිකාර පාර්ශ්වයට විනිසුරුවරයා විසින් සිර දඬුවම්වලට අමතර ව රුපියල් 10,000ක් වන දඩයක් ද, රුපියල් 50,000ක් වන වන්දි මුදලක් ද වින්දිත පාර්ශ්වය වෙනුවෙන් ගෙවීමට නියම කරනු ලැබුවා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දඩයක් බවට පත් කිරීමටත්, තවත් වසර 02ක සිර දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවටත් නියම කරන බව ද දැනුම්දුන්නා.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසටයි.

නමුත් එය මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ප්‍රතික්ෂේප කළා.

රජයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ හරීන්ද්‍ර ජයසිංහ විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරියේ දී සමාජය තුළ මෙවැනි අපරාධ සිදු නොවීමට වගබලා ගැනීමට විත්තිකරුට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුවයි මෙම නඩු තීන්දුව ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
16
+1
2
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?