Empty Ad
Empty Ad
AFC Banner

දඩේට විරෝධය පා මගීන්ව අසරණ කළ බස් රථයට වැඩ වරදියි (වීඩියෝ)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරීක්ෂාවේ දී මගීන් අතර මඟ බසස්වා නැවත හරවාගෙන ගිය පෞද්ගලික බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස බලපත්‍රය අත්හිටුවා ඇත්තේ පානදුර – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක්.

මෙම බස් රථය ඊයේ (06) පානදුර පරණ පාලම අසල දී නවත්වා පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති අතර, එහිදී බස් රථයේ රියදුරා සිදුකර තිබූ වැරදි සඳහා දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඊට විරෝධය පෑ බස් රථයේ රියදුරා බසයේ සිටි මගීන් එම ස්ථානයේ බස්සවා රථය ආපසු හරවගෙන යෑමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
62
+1
6
+1
157
+1
3
+1
9
+1
4
+1
10
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?