ආපනශාලාවක් කඩා වැටී සිසුන් හයක් රෝහලේ (ඡායාරූප)

ගිනිගත්හේන නගරයේ පිහිටි ආපනශාලාවක් කඩා වැටී එහි ආහාර ගනිමින් සිටි පාසල් සිසුන් හයදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (18) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

උපකාර පන්තියකට සහභාගීවීම සඳහා අද (18) පෙරවරුවේ ගිනිගත්හේන නගරයට පැමිණ ඇති මෙම සිසුන් ආහාර ලබාගැනමට අදාළ ආපනශාලාවට ගොස් තිබෙනවා.

සිසුන් එහි ආහාර ගනිමින් සිටිය දී ඔවුන් රැඳී සිටි බිම්මහලේ තට්ටුව කඩාගෙන අඩි 15ක් පමණ බෑවුමකට වැටී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ආපනශාලාව අනාරක්ෂිත ලෙස ඉදිකර තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනන සිදුකරන අතර රෝහල් ගතකළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21