නවීකරණ කළ අභියාචනාධිකරණ ගොඩනැගිල්ල අගමැතිනිය අතින් විවෘත කෙරේ

කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ අභියාචනාධිකරණ කොටස සහ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන මහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ මූර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ අදාළ තාක්ෂණික හා මූල්‍ය පහසුකම් ලබාදීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එකඟතාවය පළ කළා.

එම නවීකරණ කටයුතුවලට අදාළව ගිවිසුම් අත්සන් කිරීම 2021 දෙසැම්බර් 21 වන දින මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර සිදු වුණා.

අදාළ ගිවිසුම අනුව යුවාන් මිලියන 240ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු 2023 අප්‍රේල් මස 23 වන දින ආරම්භ වූ අතර, උපරිමාධිකරණ සංකීර්ණයේ මූලික පෙනුම ආරක්ෂා කරමින් ව්‍යුහය වෙනස් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කිරීම මෙහි අභිලාෂය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33