රජයට වී දුන්නොත් අමතර රුපියල් දෙකක්

රජයේ වී ගබඩා වෙත වී තොග ලබාදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා අමතර රුපියල් දෙකක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

අද (18) දිනයේ ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර වී කිලෝවක් සඳහා සහතික මිලක් ලබාදෙන බවයි.

එමෙන්ම නිෂ්පදන පිරිවැය සැකසීමේ දී රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය ගණනය කිරීමක් සිදුනොකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර තවත් සති දෙකක් ඇතුළත සහල් ගැටලුව සම්පූරණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා සිටියා.

  1. රජය වතුර ටික දෙන්න පොහොර දෙන්න කොච්චර වියදම් කරනවද?ඒක නිසා ගොවියට අනිවාර්ය කරන්න වි අස්වැන්නෙන් වැඩි ප්‍රතිශතයක් රජයට දෙන්න ඕන කියලා.නැත්නම් ඊලග කන්නෙ වතුර සහ පොහොර සහනාදාර නැ කියන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16